වෙබ් පිටුවකට ටේබල් එකතු කරගනිමින් වේබ් පිටුවක් නිර්මාණය කරගන්නා ආකාරය..

වෙබ් පිටුවකට ටේබල් එකතු කරගනිමින් වේබ් පිටුවක් නිර්මාණය කරගන්නා ආකාරය..

ඉතින් යාළුවනේ කොහොමද? මට නම් හොදටම බනිනවා ඇති නේද? කරන්න දෙයක් නැහැ යාළූ දුක තමා. හරි හරි අද කියලා දෙන්න හදන්නේ මොකද්ද කියලා දන්නවනේ.. ඒත් Table දාන හැටි දැනගන්න කලින් අපි බලමු මොනවද මේ Table කියන්නේ මොකද්ද ,මේකෙන් තියන ප්‍රයෝජනය කියලා..


මොනවද මේ Table
වෙන මොනවත් නෙවේ මෙන්න මේවා.. මේ පහතින් තියෙන්නේ මේ කියන Table එකක් තමා.. ඔයාලට පැහැදිලි කරගන්න විදිහක් මම කියන්නම්.. ඔයාලා Word Document එකක් Open කරලා ඒකේ තියනවා Table කියලා එකක්.. ඒකෙන් කොටු කොටු ගොඩාක් අදින්න පුළුවන් ... අන්න ඒවාවගේ තමා මේවා... හා හා දැන් ඉතින් Word හොයන්න ඕනි නැහැ මේ පහතින් දාලා තියෙන්නේ ඒකක් තමයි... 

Table ඇයි Web Design වලට යොදාගන්නේ... 
01. ඉහල තියන පින්තූරේ දුටු පමනින් එක හේතුවක් පැහැදිලියිනේද? ඒ කියන්නේ අපිට අපේ Web එකට දත්ත වගුවක් එකතු කරන්න ඕනි වුනොත් අපි ඒකට මේ Table එකක් පාවිච්චි කරනවා... (Table ම පාවිච්චි කරන්න කියලා නීතියක් නැහැ තව විදි තියනවා.. ) 

02. තව විදිහක් තමා අපිට පුළුවන් අපේ Web පිටුවේ ප්‍රධාන සැලසුම Web පිටුවට එකතු කරගැනීමේදීත් අපිට මේ Table පාවිච්චි කරන්න පුළුවන් . ඒ කියන්නේ අපේ Web පිටුවේ Layout එක හදා ගන්නත් මේ Table භාවිතා කරන්න පුලුවන්... (හැබැයි මම නම් ඒක එච්චර හොද දෙයක් විදිහට අනුමත කරන්නේ නැහැ.. ඒකට හේතුව තමා අපි හරියටම Width Height දීලා තිබුනත් අපි දාන Content එකක් නිසා උනත් සමහර අවස්ථාවලදී ඒ යොදන Table එක වෙනස් වෙන්න පුළුවන්.. බොහොවිට Web එක Host කරහම තමා ඇද පෙන්න 
ගන්නේ...නැත්තන් ගොඩක් දුරට Web එකේ වැඩ ඉවර වුනහාම... එකියන්නේ Web පිටුවේ බර දැනෙන අවස්ථාවලදී තමයි බර බරේ :D ) 


මේ තමා ප්‍රධාන වශයෙන් අපිට Web පිටුවකට Table එක් කරගන්න සිද්ධවෙන අවස්ථා.. 
කොහොමද HTML වලින් Table හදාගන්නේ ? 
මේකට අපි භාවිතා කරනවා <table></table> කියන Tag එක. හැබැයි මේක භාවිතයෙන් අපි Table එක නිර්මාණය කරගන්න විට අපිට තව Tagsදෙකක් භාවිකා නරව්ව සිද්ද වෙනවා.. ඒ තමා <tr></tr> හා <td></td> කියන ඒවා.. හරි අපි පොඩ් උදාහරණයක්ම අරන් බලමුකෝ..
මෙන්න මේ ඊහල තියන උදාහරණය තමයි අපි හදන්න යන්නේ...

01. පළමුවෙන්ම අපි <table>  Tag එකෙන් Table එක පටන් ගන්නවා.. (මම පළවෙනි දවස්වල කිව්වා මතක ඇති නේද අපි Tag එකක් Open කලාම ඒවෙලේම ඒක Close කරන්න කියලා... මේ Table වලදි නම් අනිවාර්යයෙන්ම ඒවැඩේ කරන්න ඕනි. මොකද වරදින්න තියන සම්භාවිතාවය ටිකක් වැඩියි.. අනික වැරදුනොත් මුළු Table එකම අවුල්යන්න ඉඩ තියෙනවා.. ) එහෙනම් ඔයාලා මේ විදිහට Table Tag එක Open කරලා එතනම Close කරගන්න.. 

" <table> </table> "

ඊට පසුව මේකට width='300' border='1' කියලා Atribute දෙකකුත් එකතු 
කරගන්නකෝ.. නැත්තන් මේක හරියට බලාගන්න බැරිවෙයි.


" <table width="300" border="1"> </table> "

02.අපි කිව්වනේ තව Tag දෙකක් පාවිච්චි කරන්න වෙනවා කියලා.. ඒ අතුරින් පළමුවෙන්ම <tr></tr> කියන Tag එක පාවිච්චි කරන්න ඕනි.. ඒක යොදා ගන්නේ මේ Table Open හා Table Close Tag දෙක අතරටයි.. මේ <tr> ටැගය මගින් සිද්ද වෙන්නේ Table Rows තීරණය වීමයි. නමුත් මේවා පෙනෙන්නනම් Table එකේ අදාල Rows තුළට column එකතු වෙලා තියෙන්න ඕනි.. 

03. අපි Table  column  එකතු කරගන්න පාවිච්චි කරවා <td></td> කියන Tag එක.. ඒක එකතු කරගන්න ඕනි අර Table Row ( <tr> </tr> ) Tag දෙක අතරටයි... දැන් <td></td> මැද්දට අපිට කැමති ටෙක්ස් එකක් හෝ පින්තූරයක් එක් කරගන්න පුළුවන්.(මම "Row 1, Column 1 " කියලා එකතු කරගත්තා) දැන් බලන්න ඔයාලට මේවගේ එකක් ආවාද කියලා... 

<table width="300" border="1">
    <tr>
        <td> Row 1, Column 1 </td> 
    </tr>
</table>

මේ බලන්නකෝ..
වැඩේ තේරෙනවාද?

දැන් ඔයාලට අපි හදන්න හිතපු Table එක ඇවිත් නැහැනේ... ඒත් එයින් එක කොටුවක්(නැත්නම් මේ එක කොටුවකට කියනවා Cell එකක් කියලා) නැත්නම් එක Cell එකක් අපි  හදාගෙනයි තියෙන්නේ නේද? “<tr></tr>“ යුගලයක් එකතුකරගෙන තියන නිසා අපි Row එකකුත් හදාගෙනයි තියෙන්නේ..  ඒවාගේම අපි (.html ෆයිල් එකක් විදිහට සේව් කරලා බලන්න.) ඉතිරි සෙල් තුනත් අපි හදාගන්න ඔනිනේද?

දැන් බලන්න අපිට ඕන Row දෙකක් තුළ තියන Cell හතරක්.. ඒහෙම නැත්තන් Column දෙකක් තුළ තියන Cell හතරක් නේද? දැන් අපි එක Row එකයි, සෙල් එකකුයි හදාගෙන තියනවා.. මේ හදාගත්තු Row එකට තව සෙල් එකක් එන්න ඔනි නේද? එහෙනම් අපි මේ <td> Row 1, Column 1 </td> කියන තැනට තව එකක් එකතු කරගත්තානම් හරි නේද මේ විදිහට?

<td> Row 1, Column 1 </td>
<td> Row 1, Column 2 </td>

දැන් බලන්න කොහොම පිළිතුරක්ද එන්නේ කියලා.. 
දැක්කා නේද? 
හරි දැන් අපි තව Row එකක් එකතු කරගන්න ඔනි නේ... ඒහෙනම් අර Row එක තියන තැනට තව Row එකක් එකතු කරගන්න ඕනි.. ඒකට කරන්න තියෙන්නේ පළවෙනි Row එකේ Close Tag එකට පහලින් දෙවන Row එක Open කරන එකයි..

<table width="300" border="1">
  <tr>
    <td> Row 1, Column 1 </td>
    <td> Row 1, Column 2 </td> 
  </tr> - පළමු row එකේ close tag එක.
  <tr> -දෙවනි row එකේ Open tag එක.
  </tr> -දෙවනි  row එකේ close tag එක.
</table> 


ඊට පස්සේ අපිට පුළුවන් උඩ Row එකට column දෙකක් එක් කරගත්තා වගේ මේකටත් එකතු කරගන්න. 

දැන් බ්‍රව්සර් එකෙන් Open කරලා බලන්න ඔයාලට බලාපොරොත්තු වුණ විදිහේ පුංච් Table එකක් ලැබිලද කියලා... 



ඉතින් කොහොමද? කාලෙකින් නේද? කියලා වැඩක්නෑ වචනේ පරිසමාර්ථයෙන්ම මාස ගානකට පස්සේ වගේ මේ පැත්තේ ආවේ...  ඒත් ඔයාලානම් ඇවිත් ගිහින් තිබුනා කියලා දැක්කා..  ඒ හැමොටම ගොඩාක් ස්තූතියි බ්ලොගය තනි නොකලාට..

එදා අන්තිමට මම කීවානේද ටේබල් ගැන තව ටිකක් කියන්න තියනවා කියලා..  හ්ම්...  ඒ ටික තමා දැන් කියලා දෙන්න යන්නේ..  විශේෂයෙන් මේ කියලා දෙන ටික ටේබල් එක්ක ලොකු වැදගත්කමක් තියනවා..  මොකද දන්නවාද? සරල වෙබ් අඩවියකදී ටේබල් මගින් කරන්න පුළුවන් කාර්යය අති විශාලයි..  ඒක නිසා ඔයාලට ටේබල් වලට තියෙන මේ ගුණාංග (Attribute) කිහිපය ගැන කියලා දෙන්නම ඕනි..
ඒවා තමයි මේවා...


 # Border
   # Cellspacing
   # Cellpadding
   # Cell Merging

Border
   Border කියන එක ටේබල් වලදී හරි වැදගත්..  මොකද අපි මේකට අගයක් නොදුන්නොත් බොල්ඩර් එකට ඔටෝම අගයක් ගන්නවා..  ඒක සංඛ්‍යාත්මකව නොපෙන්නුවාට වෙබ් අඩවිට බ්‍රව්සරය තුළ දිස්වෙද්දී ඒහි යම් අගයක් අරගෙනයි තියෙන්නේ..  විශේශයෙන් ටේබල් මගින් වෙබ් අඩවියේ ලේඅවුට් () සකසා ගැනීමේදී Border=“0“ ලෙස ලබාදීම සිදු කළ යුතුයි..  නැතිනම් අපිට අවශ්‍ය ආකාරයට ටේබල් එක නිර්මාණය කරගැනීමේ අපහසුතා මතු වෙන්න පුළුවන්.. (මේක පැරණි වෙබ් බ්‍රව්සර් වල තියන දොශයක්)
ඒනිසා මේ ආකාරයට මේ Attribute එක භාවිතා කරන්න පුළුවන්

<table width="300" border="1"> </table> 

Cellspacing
   Cellspacing කියන්නේ සෙල් (Cell) දෙකක් අතර පවතින පරතරයයි..

<table width="300" border="1" cellspacing="20">


මේ ආකාරයට මෙය සාදාගතහැකීයි..  layout සෑදීමකදී හෝ යම් අවස්ථාවකදී මෙය අනවශ්‍ය යැයි  තීරණය කළේනම් මෙම අගය  “0“ ලෙස ලබාදෙන්න. එවිට මෙම පරතරය නැතිවී යයි.. 


Cellpadding
   Cellpadding යනුවෙන් හැදින්වෙන්නේ  Cell එකක බෝඩරය හා වගුව Cell එක තුළ ඇති දත්තයන් (content)  අතර ඇති දුරයි...



<table width="300" border="1" cellpadding="20"> මෙලෙස මේ සදහා අගයන් ලබාදීමෙන් බෝඩරය හා කන්ටෙන්ට් අතර ඇති දුර වෙනස් කරගත හැකිය... 

Cell Merging
    Cell Merging යනු සෙල් දෙකක් හො වැඩි ගනනක්  එකිනෙකට යාකරගැනීමයි මෙහිදී cell කිහිපයක් merge කිරීමෙන් පසුවද නිර්මාණය වන්නේ තවත් එක් cell එකක් පමණි..  නමුත් merge කරන ලද cell කිහිපයේ විශාලත්වට එම තනි cell එකට ලැබේ...

මෙම Attribute එක භාවිතා කිරීම පිලිබදව උදාහරණ ඇසුරින් සාකච්චා කරමු..

01. Column දෙකක් Merge කිරීම
   මේ සදහා පළමුව පහත පරිදි ටේබල් එක සකසා ගන්න...


<table width="300" border="1">
     <tr>
          <td> a </td>
          <td> b </td>
          <td> c </td>
     </tr>
     <tr>
          <td> d </td>
          <td> e </td>
          <td> f </td>
  </tr>
</table>

දැන් කල යුත්තේ  a හා b යන  cell  දෙක එක් කිරීමය ඒ සදහා පළමුවෙන්ම  "a" ට අදාල  <td> Tag එකට colspan නැමති Attribute  එක එක්කරගෙන  එහි අගය ලෙස "2" ලබාදෙන්න.

<td colspan="2">a</td>

දැන්
          <td colspan="2"> a </td>
          <td> b </td>
          <td> c </td>
මෙම නිල් පැහැයෙන් දක්වා ඇති Tag දෙක මකා ඉවත් කරන්න... 


අවසන් ප්‍රථිඵලය 

<table width="300" border="1">
     <tr>
           <td colspan="2"> a b </td>
          <td> c </td>
     </tr>
     <tr>
          <td> d </td>
          <td> e </td>
          <td> f </td>
  </tr>
</table>



colspan නැමති Attribute  එක මගින් ඒක් වියයුතු Column ගණන තීරණය කරයි...

02. Row දෙකක්  Merge කිරීම

<table width="300" border="1">
     <tr>
          <td> a </td>
          <td> b </td>
          <td> c </td>
     </tr>
     <tr>
          <td> d </td>
          <td> e </td>
          <td> f </td>
  </tr>
</table>


මෙහි රො  Row   ඇති පළමු කොළම් දෙක Merge  කරමු..
මේ සදහා rowspan නැමති Attribute එක භාවිතා කරයි...

මෙහිදීද කළ යුත්තේ ඉහතපරිදිම පළමු  Row  එකෙහි ඇති පළමු Column එක හා දෙවන  Row  එකෙහි ඇති පළමු Column එක , යන දෙකඑකිනෙකට Merge  කිරීමයි. මෙහිදී පළමු  Row  එකෙහි ඇති පළමු Column එකට (a) ට rowspan   නැමති Attribute එක යොදා එහි අගය දෙකක් ලෙස ලබා දෙනන.

<td rowspan="2">ad</td>


දැන්  දෙවන  Row  එකෙහි ඇති පළමු Column එක (d) මකා ඉවත් කරගන්න.

අවසන් සැකසුම මෙලෙස වේ..

<table width="300" border="1">
     <tr>
          <td rowspan="2">ad</td>
          <td> b </td>
          <td> c </td>
     </tr>
     <tr>
          <td> e </td>
          <td> f </td>
  </tr>
</table>
 දැන් බලන්න ලැබුණු අවසන් ප්‍රථිඵල දිහා..  මම හිතනවා වැදගත් දෙයක් තමා අද ඔයාලා ඉගනගත්තේ කියලා... ටේබල් වල ප්‍රයෝජන ගැන අපි මීට කළින් පොස්ට් එකේදී කථා කළානේ..  ඉතින් ඒ කියපු ප්‍රයෝජන නිවැරදිව ගන්නනම් මේවා ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනි...

No comments:

Post a Comment