Friday, May 31, 2013
වෙබ් අඩවියක් හදන්න පෙර දැන ගතයුතු තවත් වැදගත් දෙවල් ටිකක්.
“අපෝ මේක හරි වටයක්නේ “ කියලා හිතුනද දැක්ක ගමන් නැහැ නැහැ මේක එච්චර වටයක් නෙවේ පුංචි වටයක් කියලා හිතා ගන්නකෝ. පොඩ්ඩක් හිතලා බලන්න Web Design ගැන තාක්ෂණික දැනුම තිබුනට හරියට පිළිවළකට හොද නිමාවක් සහිතව Web එකක් Design කරන්නේ කීයෙන් කී දෙනාද කියලා . ඉත්න් කවුරු වුනත් Web එකක් Design කරද්දී පිළිවලකට කරන්න ඔනි. ඉතින් අද කියලා දෙන්න හදන්නේ කොහොමද මේ පිළිවලකට Web එකක් Design කරන්නේ කියලයි...
මම කලින් කිවුවා නේද මම හදපු නොට් එකක් ගැන. ඇත්තටම ඒ නෝට් එක හැදුවේ මම මීට ටික කලකට පෙර එක්තරා පාසලක Web Design පාඨමාලාවක් කරන්න කටයුතු කළා විශේෂ ඉල්ලීමකට. ඉතින් ඒකට තමා මේ පුංචි පුංචි නෝට් හැදුවේ, මගේ පහසුවට. හැබැයි අපිට පාඨමාලාව ඉවර කරගන්න බැරිවුණා. පාසලේ ප්‍රෂ්ණයක් නිසා. ඉතින් එනොට්ස් ටිකත් නිකම්ම තියන එකේ මම ඒවාගෙනුත් උදවු ගන්නවා මේ වැඩේට. ගොඩක් දේවල් කරුණු වශයෙන් තමා ඒ නෝට් එකේ මම සදහන් කරලා තිබුනේ. තේරැම් ගැනීමේ අපහසුවක් නැති දේවල් මම ඒකෙන් අරගෙන දාන්නම්.. අනික් ඒවා තේරැම් කරලා දෙන්නම්.. ගැටලුවක් නැහැ නේද?
හරි අපි කිවුවනේ Web එකක් Design කරන වැඩේ වුනත් පිළිවළකට කරන්න ඔනි කියලා ,ඉගන ගන්න එකත් එහෙම්ම තමා... දැන් දාන විස්තරේ පොඩ්ඩක් කියවා ගන්න කෝ. මේවත් වැදගත් හොදේ.
ඉතිහාසය:-
*මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ටිම් බර්නර්ස් ලී (Sir. Tim Berners lee) විසින් 1991 දී HTML භාශාව සොයාගැනීමත් සමග වෙබ් සංකල්පය බිහිවිය.
*වෙබ් අඩවියක් යනු, වෙබ් පිටු කිහිපයක එකතුවකි.මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක් සෑදේ. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිසීමයි.
*වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග (Software’s) අවශ්‍යවේ. ඒවා වෙබ් බ්‍රව්සර් (Web Browser) ලෙස හදුන්වයි. එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup Language) හෝ වෙනත් විශේෂ භාෂාවකිනි (ex:- PHP, JAVA, ASP.NET ).
ලොක ව්‍යාප්ත වියමන හෙවත් World Wide Web
*විශ්ව ව්‍යාප්ත වියමන (හෙවක් වෙබ් - WWW/ WEB) හා අන්තර්ජාලය යනු දෙකකි වෙබ් යනු අන්තර්ජාලයේ ඇති එක් සේවාවක් පමණි.
*එය විශේෂ ගොනු එකිනෙක Hyperlink හා URL මගින් එකිනෙකට සම්බන්දවී සෑදුණු ගොනු එකතුවකි. මෙඅතරට රූපරාමු (Videos), පින්තූර (picture), හඩපට හෝ අලංකාර වාදන කණ්ඩ (Audio) ද ඇතුලත් විය හැක.
වෙබ් අඩවි වර්ග (Type of web).
*ව්‍යාපාරික වෙබ් අඩවි (Commercial web site).
*පෞද්ගලික වෙබ් අඩවි (Personal web site).
*සංවිධාන මගින් ක්‍රියාත්මක කරනු ලබන වෙබ් අඩවි. (Organizational and Community web site).
*අධ්‍යපනික වෙබ් අඩවි (Educational web site).
*තොරතුරු හා පුවත් වෙබ් අඩවි (News and information web site).
*බ්ලොග් අඩවි හා අන්තර්ජාල ජර්නල් (blog site and online journal).
වෙබ් අඩවි ශෛලීන් (Web Style).
*Static - මෙහි තේරුම වන්නේ වෙනස් නොවන වෙබ් අඩවි යන්නය.මෙම වෙබ් අඩවියක සියලුම පිටු ඒකාකාරී වෙයි. මූලික වශයෙක් HTML භාෂාව පමණක් භාවිතයෙන් නිර්මානය කරන වෙබ් අඩවි Static වෙබ් අඩවි ලෙස හැදාන්වේ.
*Dynamic - මෙහි අරුත “නිතර වෙනස්වන” යන්නයි. මෙම වෙබ් අඩවියක වෙබ් පිටු සියල්ල ඒකාකාරීව නොපවති . ඒවා එකින් එකට පිවිසීමේදී යම් යම් වෙනස්කම් දැකගත හැකිය. නැතිනම් එම පිටු තුළ ඇති විවිධ දෑ (අන්තර්ගතය - Content) ස්වයංක්‍රීයව වෙනස් වේ.
මේ ටිකත් කියවා ගන්න කිව්වේ ඇයි කියලා තේරෙනවා ඇතිනේ. මේවා නොදැන නම් මේ ගමන යන්න ටිකක් අමාරුයි. හරි මම කිවුවනේ Web එකක් Design කරන එක හිතු මනාපෙට කරලා බැහැ මේක පිළිවල කට කරන්න ඔනි වැඩක්කියලා. ඒපාර මොකද්ද ඒ... අපේ අයට තියනවා පුංච් ලෙඩක් ඒ තමා වැඩක් කරන්න ඔන වුණුට කොහෙන් පටන් ගන්වාද කොහොමද කරගෙන යන්නේ කියලා හරි හමන් වැටහීමක් නැහැ. ඉතින් එන්න ඒ රෝගය සුවකිරීම පිනිසයි මේ ප්‍රතිකාරය කරන්නේ.
මේකටත් තියනවා පුංචි සිස්ටම් එකක් එන්න ඒක තමා දැන් කියලා දෙන්න යන්නේ. මෙවා ඔන්න ගොඩක් අය කියලා දෙන දේවල් නම නෙවේ ඔං (කොහොමද කොල්ලගෙ සැර : D ). මේ ක්‍රියා පිළිවලට කියනවා වෙබ් සයිට් ඩිවලොප්මන්ට් ලයිෆ් සයිකල් (Website Development Life Cycle) කියලා. මෙන්න මේක තමා ඔය කියන සයිකලේ ... (පදින්න කලින් හොදට දැනගෙන ඉන්න වෙයි.. )
දැක්කනේ ඉහලින් තියන පින්තූරය එන්න ඒකට තමා කියන්නේ Website Development Life Cycle එක කියලා. අපි දැන් මේ එකික් එක මේ කියන අවස්ථාවලදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන සාකච්චා කරමු.
අපි හිතමු අපි දැන් Website එකක් මුල ඉදලාම Design කරන්නයි හදන්නේ (ඒ කිවුවේ අපි කලින් Design කරපු Website එකක් අයේ අලුත්වැඩියා කිරීමක් සිදු කරනවා නෙවේ අලුත්ම Website එකක් Design කරන්නයි හදන්නේ) කියලා. එහෙනම් අපි මේ සයිකල් එකේ Analyze website කියන තැනින් තමා පටන් ගන්නේ.
***කෙසේ නමුදු ව්‍යාපාරික අවසථාවක් නම් මෙම චක්‍රය අතර ඕනෑම අවස්ථාවක සේවා දායකයාගේ අවශ්‍යතාවයට මුල් තැන දිය යුතුය. කොහොමත් ඔයාට ඕනි වුන වෙලාවක වෙනස්කම් කරන්න තහනමක් නැහැ. මේක නිතියක් නෙවේනේ.***
Requirement & Analyze website:- Website එක ට අවශ්‍ය තොරතුරු එකතු කරගන්නේ මේ අවස්ථාවේදීයි.
ඒසදහා ,
1 වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ කුමත් සදහාද? - අපි විවිධ අවශ්‍යතා මතනේ Website එකක් Design කරන්නේ. අන්න ඒ අපේ වෙබ් එකක් නිර්මානය කරගැනීමේ අවශ්‍යතාවය පැහැදිලිව අවබෝධ කරගන්න ඔනි හැම දේමට කලින්.
2 මොනවාගේ පුද්ගලයින් අරමුණු කරගෙනද මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරන්නේ? - අපි යම් විෂයක් මූලික කරගෙන වෙබ් Website එකක් Design කිරීමේදී එයින් සේවය ලබන්නා කවුද, ඒ සේවය ලබාගන්නාට ගැලපෙන අයුරින් සේවය ලබාදීමට කටයුතු කලයුතුයි. තේරෙනවානේ ලංකාවේ ඉන්න පුංච් ළමයින් අරමුණු කරගෙන හදන වෙබ් එකක සම්පූර්ණයෙන් කඩ්ඩෙන් දාලා ලොකු තාක්ෂණික කරුණු දාලා හරියන්නේ නැහැනේ . පුංචි උන්ට ගැලපෙන විදිහට තේරෙන විදිහට දෙන්න එපැයි.
3 මේක මොන වර්ගයේ වෙබ් අඩවියක්ද? - ඇත්තටම අපි නිර්මාණය කරන වෙබ් අඩවිය මගින් දෙන සේවාව මත සාර්ථකව වර්ගීකරනයකට ලක්කර ගැනීම හොදයි. ඒවගේම මේ වෙබ් එක පෞද්ගලික එකක්ද ? ආගමක් ගැන එකක්ද? ව්‍යාපාරික එකක්ද යනවග වැදගත් වෙනවා. මොකද අපි අපේ නිර්මාණයේ මුහුනුවර (Interface එක) සකසා ගතයුත්තේ මෙයට ගැලපෙන ආකාරයටයි.
යන කරුණු සැලකිල්ලට ගතයුතුයි. හරිද? :)
pecification & Documentation:- නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන වෙබ් අඩවියට යොජනාවක් සැකසීම, ව්‍යාපෘතියේ ආකාරයට වෙබ් අඩවියේ ඇතුලත් තොරතුරු නියමාකාරයෙන් කලමනාකරනය කරගැනීම හා ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීම තෙක් කාර්යයන්ට වැයවන කාලය හා ධනය පිළිබද මනා අවබෝදයක් ලබා ගැනීම. (ව්‍යාපාරික හෝ වෙනයම් පුද්ගලයෙක් වෙනුවෙන් නිර්මාණය කරන වෙබ් අඩවියක්නම් මෙම අවස්ථාවේදී ව්‍යාපෘති යෝජනාවක් සැකසීම ඉතා වැදගත් වගේම එය ව්‍යාපාරයේ අයිතිකරු විසින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට එයට යන වියදම් හා අපිට ඔහු විසින් ගෙවිය යුතු ගෙවීම මෙමගින්ම ඔහුට දැන්විය යුතුයි. සාමාන්‍යයෙන් මෙම වියදම් වෙන් වෙන් වශයෙන් දැක්වීමක් සිදු නොකරයි. නමුත් විමසූ විටකදී පැහැදිලිකිරීමට හැකිවිය යුතුය. නිර්මාණ කරුගේ ශ්‍රමය වන්නේ සම්පූර්ණ වියදමෙන් 20-40% අතර ප්‍රමාණයකි. මෙය නිර්මාණ කරුගේ පළපුරැද්ධ හා හැකියාව මත නිර්මාණ කරු විසින් තීරණය කළ හැකිය.)
Site Structure & Design:- වෙබ් අඩවි නිර්මාණය කරන ප්‍රධාන structure තුනක් පවති. නමුත් වැඩියෙන් භාවිතා කරන්නේ Webs යන structure එකය. එහෙනම් අපි බලමුකෝ මේ මොනවාද කියලා. මේවනම් තේරුම් කරලා දෙන්න දෙයක් නැහැ. පහලින් තියන පින්තූර බලන්නකෝ තේරුම් ගන්න පලුලුවන් වේවි. මෙහි වර්ගීකරනය කරලා කියෙන්නේ වෙබ අඩවියක පිටු එකින එකට සම්බන්ද වන (Link වන) ආකාරය මතයි.
*Sequences :- එක් දිසාවකට පමණක් යා හැකිය අවසානයේ නැවත මුලට පැමිණීමක් නැත (හරියට පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකක් වගේ නේද? )
*Hierarchies:- වෙනස පේනවනේ. විවිධ ශාකා වලට බෙදිලා කියනවා ඒත් එක මගක ගියොත් ඒ මගේ විතරයි යන්න පුළුවන්. මෙතනත් වර්ග දෙකක් තියනවා.
Webs:- මෙහි තියන වෙනස තේරුම් ගන්න පහසුයි නේද? හොදට බලන්න.
Site Design Process:- මෙහිදී ඉහත චක්‍රෙය් Development, Testing , Marketing & Maintenance යන පියවර පිලිබද කථා කරමු. මේ පියවරවල් එකිනෙක මනා සබදතාවයකින් වගේම මේ පියවර තුන නිතර නිතර සිදුවන බැවින් මෙලෙස එකටම කථා කරමු.
ඊට පෙර සිදු කළ යුතු ප්‍රධානම කාර්යයක් තියනවා. ඒක තමා මේක :)
පළමුවෙන්ම ඔබ තීරණය කරන නමට අදාලව ඩොමෙයින් නාම (Domain Name/ Web Address) ලබාගතයුතුය. දෙවනුව වෙබ් අඩවිය ස්ථාපනය කිරීමට අවශ්‍ය වෙබ් හොස්ටින් (Web Hosting) සේවාව ලබා ගතයුතුය. ඉන් පසු ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කොට අදාල හොස්ටින් සර්වරයට (Hosting Server) ඇතුලත් කළ හැකිය.
***ඔන්න එතකොට මේ අවස්ථාවේ තමයි වෙබ් අඩවිය නිර්මානය කරන වැඩේ පටන් ගන්නේ. ඒකියන්නේ මේ වෙනකොට ඔයාලාට මීට කලින් කියපු අවශ්‍යතා සියල්ල සම්පූරණ කරගෙන සිටිය යුතුයි කියන එකයි.***(HOSTING , DOMAIN අපේ ගොඩක් අය ගන්නේ පහු වෙලා Website එක UPLOAD කරන්න ඔනි වුනහාම තමා ඉතින්. කලින් ගන්නවානම් හොදයි.ඒත් බලකිරීමක් නැහැ.)
(මේවා ගැන අපි ඉදිරියේදී කථා කරමු. ඒත් ඔයා ඩොමෙයින් නාමය ලබා ගැනීම ඉතා වැදගත්. මොකද ඔයා ඩොමෙයින් එකක් නොගෙන මේ ඩොමෙයින් එක සුද්සුයි කියලා හිතාගෙන ඔයාගේ වෙබ් අඩවිය සෑදුවා යැයි කියමු. අන්තිමේට ඩොමෙයින් එක ගන්න යද්දි ඒක වෙනකෙනෙක් අරන් තිබුනොත්,ඔයාට ගන්න බැරිවුණොත් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ඩොමෙයින් එක දාපු ඔක්කොම ලින්ක්ස් නැවත වෙනස් කරන්න මුල ඉදන්, ඇඩෙනවා නේද තනි ඇහැට :D )
Development:- වෙබ් අඩවියට අදාල ගොනු අප්ලෝඩ් කිරීමෙන් අනතුරුව කාලයත් සමග වෙබ් අඩවිය සංවර්දනය කළ යුතුය. මෙහිදී අඩවියට අලුත් දෑ එක් කිරීම, මෙන්ම තියන දෑ සංශෝධනය කිරීම කළ හැක. විශේෂයෙන් වෙබ් අඩවිය දිනෙන් දින අලුත්වන තොරතුරු ඇතුලත් කරන්නේ බොහෝවිට සර්වරය තුළදීය.
Testing:-
*අප ලබාගත් සර්වරය තුළ පවතින ඉඩ හා බැන්ඩ්විත් ප්‍රමාණය (Bandwidth- මාසයක කාලයක් තුළ සර්වරය තුළින් හුවමාරුවීමට අවස්ථාව දෙන දත්ත ප්‍රමාණය.) ප්‍රමාණවත්ද යන වග පරික්ෂාකරගත යුතුය.
*මෙහිදී සර්වරය තුළදී ක්‍රියාත්මක වන මෘදුකාංග (web based application) පිළිවද සැලකිලිමත්විය යුතුය. තවද විවිද වෙබ් බ්‍රව්සර් ඇතිබැවින් එම සියලු බ්‍රව්සර් (Web Browser :- Chrome , Firefox, Internet Explore වැනි ) සමගින් එකාකාරව ක්‍රියා කරන්නේද යන වග (Browser compatibility) පරික්ෂාකළ යුතුය.
Marketing & Maintenance:-
*Marketing ලෙස මෙහිදී හැදින්වෙන්නේ අපගේ වෙබ් අඩවිය සාමාන්‍ය සමාජයතුළ ප්‍රචලිත කිරීමයි. මේසදහා ප්‍රධානම කාර්යය වන්නේ සෙවුම් යන්ත්‍ර තුළ අපගේ වෙබ් අඩවිය ඉදිරියට ගෙන ඒමයි. මේ සදහා අප ක්‍රියාත්මක වන්නේ වෙබ් අඩවිය නිර්මාණය කරන අවදියේ සිටය.
* Maintenance පියවර ඉතා වැදගත් පියවරකි. අපගේ වෙබ් අඩවිය නිතර නිතර නැවුම් තොරතුරු මගින් වර්ණවත් කරගැනීම සිදුකළ යුතුය. නව අංග වෙබ් අඩවියට එක්කළ යුතුය (Updating). එමෙන්ම යම් යම් අවස්ථාවල ඇතිවන දෝශ නිරාකරනය කිරීමද සිදුකළ යුතුය.
වෙබ් අඩවි නිර්මාණයට පිවිසුමක්..
වෙබ් අඩවි නිර්මාණයට පිවිසුමක්..
ඔන්න ඉතින් ලියන්න හිතුනා වෙබ් අඩවියක් හදාගන්න දන්නේ නැති අයට හෙල්ප් එකටත් එකක්න් පොඩි බ්ලොග් එකක් “වෙබ් ඩිසයින් “ පිළි බදව. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලාගේ අදහසක් එහෙම් දාන්න. ගැටළුවක් උණොත් ඒ ගැනත් අහන්න.. එවගේම මේ බ්ලොග් එකෙන් එදිරියට කථා කරන්න දේවල් ඔයාලට ඊබුක්ස් විදිහටත් දෙන්න හිතාගෙන ඉන්නවා... හෙමින් හෙමින් යමුකෝ එහෙනම්...
හොදයි, අද කථාවට මුල පුරමුකෝ... වෙබ් ඉිසයින් කියන එක හිතන තරම් ලේසි නැති වුනත් හිතන තරම් අමාරු නැති බවත් තේරුම් යයි කරගෙන යද්දි... කෝකටත් මූලික කරුණු ටිකක් ගැන අපි අද කථා කරමු... මේවා විශේශයෙන් දැන ගෙන ඉන්න ඔනි දේවල් නිසයි කියන්නේ ඕන් කියවලා බලලා ඔලුවට දාගන්න එහෙනම්... අද මූලාරම්භයක් විතරයි.. හැබැයි ටිකක් දන්න දේවල් නිසා වැඩි වෙයිද මන්දා..
1. අන්තර්ජාලය යනු? (What is the internet?)
එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. මෙහි ඇති පරිගණක එකිනෙකට සම්බන්ධ වෙමින් ඒවා අතර දත්ත හුවමාරු කළ හැකිය. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි.අන්තර්ජාලයට නිෂ්චිත පාලකයෙක්ද නොමැත. නමුන් විවිධ අන්තර්ජාල සෙවාවන් මගින් යම් ආකාරීය පාලනයකට නතුව ඇතත් එය සෘජු පාලනයක් නොවේ. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත.
2. වෙබ් අඩවියක් යනු? (What is a web site?)
වෙබ් පිටු කිහිපයක එකතුවකි.මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක් සෑදේ. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිස එමගින් සේවාවන් ලබාගැනීමයි. වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග (Software’s) අවශ්‍ය වේ. ඒවා වෙබ් බ්‍රවුසර (Web Browser) ලෙස හදුන්වයි. එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup Language) හෝ වෙනත් විශේෂ භාෂාවකිනි (ex:- HTML, PHP, JAVA, ASP.NET ).
3. වෙබ් අඩවි නිර්මාණය (Web design)
වෙබ් අඩවියක් නිර්මානය කිරීමේදී සිදුකරනුයේ මෙම විශේෂ මෘදුකාංග(Web Browser) මගින් කියවියහැකි වන අයුරින් HTML භාෂාව හෝ වෙනත් (server language) සර්වර් භාෂාවකින් අපට අවශ්‍ය තොරතුරු ස්ථාන ගත කර පිටු ආකාරයට සැකසීමයි. මේසදහා භාවිතා කරන භාෂාවන් අතුරින් HTML යනු මූලික වෂයෙන් භාවිතා කරන භාෂාවකි. මෙමගින් සිදුකරනුයේ වෙබ් පිටුවේ සදහන් වියයුතු දත්තයන් අපට අවශ්‍ය ආකාරයට කලමණාකරණය කිරීමයි. මෙලෙස වෙබ් පිටුවට ඇතුලත් කරන දත්තයන් “කන්ටෙන්ට් (content)” ලෙස හැදිනවේ.
4. HTML (Hyper Text Markup Language)
HTML (Hyper Text Markup Language) යනු වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා වන මූලිකම භාෂාවයි. දැනට වැඩි වශයෙන් භාවිතා වනුයේ HTML 4 සංස්කරනයයි. HTML 5 සංස්කරනයද මේවනවිට හදුන්වා දී තිබේ. නමුත් මෙහිදී සාකච්ඡා වනුයේ HTML 4 සංස්කරනය පිළිබදවයි.
සත්‍ය වශයෙන්ම HTML යනු ප්‍රෝග්‍රෑම් භාෂාවක් (Programming language) නොවේ HTML යනු දත්ත සකසුරුවම් කිරීමට යොදාගන්නා එක්තරා සරල භාෂාවකි එය Markup Language ලෙස හැදින්වේ. එනම් මෙමගින් යම්කිසි ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සිදු නොවේ. වෙබ් අඩවි නිර්මාණයේදී ඒ සදහා වෙනත් භාෂාවන් (PHP, JAVA, ASP.NET වැනි භාෂා) භාවිතා කරයි.
වෙනත් භාෂාවලදී මෙන්ම මෙහිදී අදාල කාර්යයන් ඉටු කර ගැනීමට විශේෂ කේතයන් (Codes) භාවිතාවේ. මේවා HTML සම්බන්දක (HTML Tags) ලෙස හැදින්වේ. මේවා භාවිතයෙන් අපට අවශ්‍ය වෙබ් පිටුව නිර්මාණය කරගතහැක.
5. වෙබ් ටූල්ස් (Web Tools)
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඒසදහා විවිධ උපකරන (වෙබ් ටූල්ස් - Web Tools) භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී වෙබ් ටූල්ස් ලෙස හැදින් වනුයේ වෙබ් අඩවි නිර්මාණයේදි යොදා ගන්නා විවිධ මෘදුකාංග (Software’s) ය. මෙහිදී ප්‍රධාන වහයෙන් වැදගත් වන්නේ Text Editor යග
Ex:-
· Notepad
· Get editor
· Gedit
· Nano
· Ultraedit
· TextMate
මීට අමතරව වෙබ් අඩවි නිර්මාණයටම සැකසුනු විශේෂ මෘදුකාංග නිර්මාණය කර ඇත.
Ex:-
· Adobe Dreamweaver
· Adobe Home Site
· Alley code HTML Editor
· Microsoft web Expression
· Microsoft Visual Web
6. වෙබ් එක්ස්ටෙන්ෂන් (Extension)
වෙබ් පිටුවක් හෝ පරිගණකයක භාවිතාවන කුමන වර්‍ගයේ ගොනුවකට ( File) වුවද එක්ස්ටෙන්ෂන් එකක් පවති. අදාල ගොනුව භාවිතාවන මෘදුකාංගය හදුනා ගැනීමට මෙය ඉතා වැදගත්ය.ගොනුවක් නම් කිරීමේදී පළමුව නමත් දෙවනුව එක්ස්ටෙන්ෂනයත් ලබාදෙයි.
උදා:-File name. Extension Index.html
වෙබ් පිටුවකටද එක්ස්ටෙන්ෂන් පවතියි. වෙබ් පිටුවක එක්ස්ටෙන්ෂන් තීරනය වන්නේ එම වෙබ් පිටුව නිර්මාණය කරනු ලබන භාෂාව මතය. (.php .html .xml .js .asp)

Subscribe to:
Posts (Atom)